1980 දශකයේ මහ බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර ගිය පරිගණකයක් විය . එහි වෙළඳ නාමය වුයේ spectrum  (ස්පෙක්ට්‍රම් ) ලෙසය.  මෙහි විශේෂත්වය වුයේ ප්‍රමාණයෙන් කුඩාවට නිපදවූ ගෘහස්ත පරිගණකයක් වීමය . ( එවක පැවතී පරිගණක වල ප්‍රමාණය හා සැසඳීමේදී මෙය කුඩා පරිගණකයක් විය ) 1982 වර්ෂයේදී නිපදවූ මේ පරිගණකය එංගලන්තයේ පමණක් නොව සමස්ත යුරෝපය පුරා වේගයෙන් පැතිර යන්න විය.

මේ පරිගණකයේ නිර්මාතෘ වුයේ Clive Sinclair ( ක්ලයිව් සින්ක්ලෙයාර් ය ) . මේ සියලුම පරිගණක නිපදවූයේ ක්ලයිව් සින්ක්ලෙයාර් විසින් ආරම්භ කල Sinclair Radionics සින්ක්ලෙයාර් රේඩියෝනිකස් නම්වූ සමාගමේය . සාමාන්‍ය යතුරුපුවරුවක් සහ ඉලෙක්ට්‍රොනික මව්පුවරුවක් එකට සම්බන්ද කොට නිර්මාණය කරන ලද මේ ස්පෙක්ට්‍රම් පරිගණකය නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයකට සම්බන්ධ කොට ක්‍රියාත්මක කල හැකි විය.  මෙම පරිගණකයේ සියලුම දත්ත තැන්පත් වුයේ සාමාන්‍ය ඕඩියෝ කැසට් ටේප් ඒකකය . මේ සඳහා වෙනම ටේප් රෙකෝඩරයක්ද භාවිතා කෙරුණි.

ස්පෙක්ට්‍රම් පරිගණකයේ ආගමනයත් සමගම මුළු යුරෝපය පුරා ගෘහස්ත පුද්ගලික පරිගණක රැල්ලක් සේ පැතිරයාම ආරම්භ විය.  එවකට මෙහි තිබු ජනප්‍රියතාවය කෙතරම්ද කිවහොත් විකිණී ගිය මුළු පරිගණක සංඛ්‍යාව ලක්ෂ පනහ ඉක්මවීය. එවක යුරෝපයේ විසු තරුණ කණ්ඩායම් විශාල වශයෙන් මේ ස්පෙක්ට්‍රම් පරිගණකය වටා එකතුවිය . මෙයින් විශාල පිරිසක් පරිගණක ක්‍රමල්කනය වෙත යොමුවිය . මේ පරිගණකය සමග විවිද පරිගණක ක්‍රීඩා කිහිපයක්ද පැමිණියේය .

ස්පෙක්ට්‍රම් පරිගණකය බ්‍රිතාන්‍යයට හදුන්වාදීමේ සේවය වෙනුවෙන් ක්ලයිව් සින්ක්ලෙයාර්ට බ්‍රිතාන්‍ය මහ රැජින විසින් වර්ෂ 1986 දී නයිට් නාමයක්ද පිරිනමන ලදී. එතැන් පටන් ඔහු ශ්‍රීමත් ක්ලයිව් සින්ක්ලෙයාර් විය.

ශ්‍රීමත් ක්ලයිව් සින්ක්ලෙයාර්ගේ නව නිර්මාණ පරිගණකයට පමණක් සිමා නොවිය.  ඔහු දක්ෂ ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණ කරුවෙකි. එමෙන්ම දක්ෂ ව්‍යවසායකයෙකි. ඔහු විසින් විවිද තාක්ෂණික මෙවලම් ලෝකයට හදුන්වා දුන්නේය.

 

එම යුගයේදී පැවති කැල්කියුලේටර් ප්‍රමාණයෙන් විශාල විය.  එවක පැවතියේ මේසය මත තැබිය හැකි කැල්කියුලේටර් පමණකි. ශ්‍රීමත් ක්ලයිව් සින්ක්ලෙයාර් විසින් සාක්කුවේ දමාගෙන යාමට හැකිවන පරිදි ප්‍රමාණයෙන් කුඩා කැල්කියුලටර් එකක් නිර්මාණය කළේය.  එය Sinclair Executive නම් විය. මෙය ලොව පළමු  අතේ ගෙන යාහැකි කැල්කියුලටර්ය විය.  1972 නිපදවන ලද මේ කැල්කියුලටර්ය ලොව පුරා වේගයෙන් විකිණී ගියේය.

 

1975 දී ඉලෙක්ට්‍ර්නික අත් ඔරලෝසුවක් නිර්මාණය කරන ලදී.එය Black Watch නම් විය. සාමාන්‍ය අත් ඔරලෝසුවක් වැඩි දියුණු කොට තැනු මෙම ඔරලෝසුවද විශාල ජනප්‍රියත්වයක් අත් කොට ගත්තේය. එක පැත්තකින් ගතහොත් මෙය ලොව පළමු ස්මාර්ට් වොච් (Smart Watch ) එක ලෙසටද සැලකිය හැකිය.

 

එකල ලොව භාවිතා කෙරුනේ සාම්ප්‍රදායි කැතෝඩ කිරණ නලයක් සහිත ප්‍රමාණයෙන් විශාල රූපවාහිනී යන්ත්‍රය ය.  එය වෙනස් කරමින්  පැතලි තිර සහිත අතේ ගෙන යාහැකි රූපවාහිනී යන්ත්‍රයක් නිර්මාණය කළේය .  මෙය TV 80 Flat Screen Pocket TV නම් විය . මේ රුපවාහිනිය 1983 හදුන්වා දීමත් සමග මෙය විශාල වශයෙන් ජනප්‍රිය වුයේ මේ පැතලි තිර සහිත රුපවාහිනිය පහසුවෙන් වාහන තුල පහසුවෙන් සවි කිරීමට හැකිවූ බැවිනි. අද පවතින ස්මාර්ට් ෆෝන් නිර්මාණය කිරීමටද මුලික අඩිතාලම දැම්මේද ක්ලයිව් සින්ක්ලෙයාර්ගේ පැතලි රුපවාහිනී තිරය බවට පැවසෙනවා.

ඉන් පසුව ක්ලයිව් සින්ක්ලෙයාර් විසින් රෝද තුනේ ඉලෙක්ට්‍රික් වහනයක්ද නිර්මාණය කළේය.  ක්ලයිව් සින්ක්ලෙයාර් සී 5 නම් වූ මේ ට්‍රයිසිකල් එක විකිණී ගියත් එය ඔහු විසින් නිපදවන ලද කලින් උපාංග මෙන් ජනප්‍රියත්වයක් අත්කොට නොගත්තේය.  මන්ද එම විදුලි වහනයට කඳු නැගීමට අපහසු විය.  තවද බැටරිය වේගයෙන් බැස යාම නිසා එහි ජනප්‍රියත්වය පහල බැස්සේය.  මෙය යම් අසාර්ථක නිර්මාණයක් වුවත් බොහෝ විද්වතුන් පවසන්නේ  වර්තමාන ලෝකයේ මහා මාර්ගවල භාවිතා ගන්නා නවීන පන්නයේ විදුලි වාහන වලට මුලික අඩිතාලම දැම්මේද ක්ලයිව් සින්ක්ලෙයාර් ගේ මේ ඉලෙක්ට්‍රික් ට්‍රයිසිකලය බවය.

ඉහල ජනප්‍රියත්වයක් අත්කොට ගත් ක්ලයිව් සින්ක්ලෙයාර්ගේ සමාගම වර්ෂ 1990 පසුව පාඩු පිට පාඩු ලබන්නට විය. 1985 දී සේවකයින් 130 දෙනෙකුගෙන් සමන්විත වූ ඔහුගේ සමාගම වර්ෂ 1990 වන විට සේවකයින් දෙදෙනෙකූට පමණක් සිමා විය.

ඉන් පසුව ඔවුන් විසින් පාඩු ලැබූ සමාගම දියුණු කිරීම වෙනුවෙන් හොංකො හි පිහිටි ඩකා නම් වූ සමාගමක් සමග අනුබද්ධව කටුතු කළේය. එහිදී  Zike නම් වූ විදුලි බයිසිකලයක් නිපද වුයේය.  තවද මේ සමාගම් දෙක එකට එක්වී මුහුදු ස්කුටරයක් සහ කාසියක ප්‍රමාණයේ ඉතා කුඩා රේඩියෝවක් ද නිර්මාණය කළේය.

අද ලෝකයේ පවතින නවීන පන්නයේ පරිගණක , ස්මාර්ට් ෆෝන්ස් , විදුලි වාහන පිළිබඳව අතීතයේදී විවිද සංකල්ප විවිද පුද්ගලයින් විසින් ගෙන ආවත් එය වානිජමය වශයෙන් වෙළඳපලට එක් කිරීම සඳහා මුල්ම නිර්මාණ කිරීමට හැකිවුයේ ක්ලයිව් සින්ක්ලෙයාර්ටය .

ආවුරුදු 81 පමණ ආයු වළඳා පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහු සිය ජිවිතයෙන් සමුගත්තේය. එහිදී ඔහුගේ දියණිය විසින් ජනමාධ්‍යට පවසා සිටියේ මගේ පියා ඔහු ජීවත්ව සිටි කාලයට වඩා ඉදිරියෙන් සිටි කෙනෙක්.  එදා ඔහුගේ නිපැයුම් එවක සමාජයට යම් නොගැලපීමක් තිබුනත් එය වර්තමාන සමාජයට හොදින්ම ගැලපෙන බවය.

 

ලිපිය සැකසීම : මාර්ක්ස් රණවීරගේ  Marx Ranaweerage  BytesRack Hosting

Leave a Reply

Your email address will not be published. Required fields are marked *