ඉන්දියාවේ චාන්දිගර් ප්‍රාන්තයේ සාමාන්‍ය පවුලක උපත ලබන සබීර් භාතියා වයස 19 දී ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නගරයට පැමිනෙන්නේ ඩොලර් 250 වැනි සුළු මුදලක් අතැතිවය. ඒ පශ්චාත් උපාධිය හැදෑරීම වෙනුවෙනි.

භාතියා තම මුලික ඉංජිනේරු උපාධිය සම්පුර්ණ කිරීමෙන් පසුව තම පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීම අරමුණෙන් ඇමරිකාවේ ස්ටැන්ෆර්ඩ්  සරසවියට ඇතුලත් වෙනවා. එහිදී තම පශ්චාත් උපාධිය අවසන් කිරීමෙන් පසුව භාතියාගේ එකම සිහිනිය වුයේ ඇමරිකා එක්සත් ජනපදයේ රැදී සිටිමින් හොඳ රැකියාවක නිරතවීමය.  සබීර් භාතියා යනු පවතින තාක්ෂණික සිමාවන් සහ බන්ධන වලින් එපිටට සිතපු පුද්ගලයෙක් ලෙස හැඳින්විය හැකිය. . ඔහු තුල පැවතී සහජ දක්ෂතා සහ කුසලතාවයන් නිසා ඔහුට සැන් ෆ්‍රන්න්සිස්කෝ හි පිහිටි ඇපල් සමාගමේ Hardware Engineer කෙනෙක් නොහොත් දෘඩාංග ඉංජිනේරුවෙක් විදිහට රැකියාවක් හිමිවෙනවා.  මෙසේ ඇපල් සමාගමේ සේවය කරමින් සිටිනවිට අන්තර්ජාලය පරිශීලනය කිරීමට භාවිතාවන වෙබ් බ්‍රවුසරය ගැන ඔහු විසින් යම් යම් පර්යේෂණ කිරීමට පටන් ගන්නවා. වෙබ්බ්‍රව්සරය ඔහුව නිරන්තරයෙන් පුදුමයට පත්කරවන සුළුවිය.

එවක ඊමේල්  භාවිතා කිරීමේදී තනි පරිගණකයකට තනි මෘදුකාංගයක් ස්ථාපනය කර තිබු අතර එම පරිගණකය ආධාරයෙන් පමණක් ඊමේල් භාවිතා කිරීමට සිදුවිය. එනම් ඔබගේ ඊමේල් පරික්ෂාව සඳහා ඔබගේ නිවසේ පරිගණකය පමණක් භාවිතා කිරීමට සිදුවිය. කාර්යාලයේ ඉමේල් පරික්ෂා කල යුතුනම් ඔබ කාර්යාලයටම යාමට සිදු වේය. අද මෙන් ලොව කොතැනක සිටියත් ඊමේල් පරික්ෂා කිරීමේ හැකියාවක් එකල නොතිබුණි.

මෙම දුර්වලතාවය වටහාගත් භාතියා ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mail වෙත පිවිසීමේ හැකියාව ගැන පර්යේෂණ පැවැත්විය. විවිද පර්යේෂණවලින් අනතුරුව 1996 වර්ෂයේදී ඔහු වෙබ් බ්‍රව්සරය ආධාරයෙන් ලොව පළමු වෙබ් මේල් සේවය නිර්මාණය කළේය . එයට  Hotmail ලෙස නම් තැබූ ඔහු පසුව මෙය ව්‍යාපාරයක් දක්වා වැඩි දියුණු කලේය.  මෙමගින් මහජනයාට ලොව කොතැනක හිටියත් වෙබ් බ්‍රව්සරය ආධාරයෙන් තම ඊමේල් පරික්ෂාව සිදුකරගත හැකිවිය. මෙම වෙබ් මේල් සේවාව වැඩිදියුණු කරගැනීම සඳහා ඔහුගේ ව්‍යාපාර පාර්ශ්වකරු වන ජැක් ස්මිත්ගේ (Jack Smith) සහයද නොඅඩුව ලැබුණි. මෙහි ඇති වාසි නිසාවෙන් වසරක් ඇතුලත මිලියන 369 ඊමේල් ප්‍රමාණයක් Hotmail සේවාව හා ලියාපදිංචිය. එහි තේරුම ලොව වටා ඇති මිලියන 369 ක් පමණ ජනතාවක් Hotmail වටා එක රොක් වූ බවය. එදා සිට අද දක්වාම Hotmail වටා එක රොක් වී ඇති ජනතාව බිලියන ගණනකි.

දිනෙන් දින සාර්ථකත්වයට ලඟාවන  Hotmail සේවාව ගැන දුටු මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් විසින් මෙම සේවාව මිලදී ගැනීමට ඉදිරිපත්විය.  ඔහුගේ පළමුවන ලන්සුව වුයේ ඩොලර් මිලියන 60කි .  ඩොලර් මිලියන 60 කට විකුණා දැමීමට සබීර් භාතියා කිසිසේත්ම එකඟ නොවිය.  ඉන් අනතුරුව සාකච්චා වට කිහිපයක් අවසානයේ මයික්‍රොසොෆ්ට් සමගම විසින් Hotmail සේවාව ඩොලර් මිලියන 400 කට මිලට ගැනීමට එකඟ විය.

Hotmail සේවාව මයික්‍රොසොෆ්ට් සමාගමට විකුණා දැමීමෙන් පසුවත් භාතියාට Microsoft සමාගමේ ඉතා ඉහල වැටුපකට හිමිකම් කියන රැකියාවක් හිමිවිය.  ඒ හොට්මේල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීම වෙනුවෙනි. 1999 වර්ෂය දක්වා Microsoft සේවය කොට එයින් ඒවත් වන්නේ Arzoo Inc නමින් තමාගේම නව සමාගමක් ආරම්භ කරමිනි. ඉන් පසුව විවද සමාගම් ආරම්භ කරමින් තම ව්‍යාපාරය ඉතා පුළුල් ලෙස ව්‍යාප්ත කළේය. මේ වන විට ඔහු විශාල සමාගම් කිහිපයක හිමිකරුවකි.

ඔහු මේ වන විට ලොවට එක් කර ඇති සේවාවන් කිහිපයක් :

online Microsoft Office සඳහා ආදේශයක් ලෙස  Live Documents සේවාව

2008 වර්ෂයේදී SabSeBolo නමින් වීඩියෝ සාකච්චා සේවාවක් අරඹනවා. (free web-based teleconferencing system )මෙය නොමිලයේ ලබා දෙන සේවාවක් ලෙස අරඹන ලදී.

2011 ඉන්දියාවේ මුම්බාහි අරඹ කරන ලද Jaxtrsms සේවාව.

අද දක්වා ඔහු විසින් විශාල සේවාවන් ප්‍රමාණයක් ලොවට දායාද  කොට ඇත. ඩොලර් 250 අතැතිව එක්සත් ජනපදයට පැමිණි අවුරුදු 19 භාතියා මේ වන විට ලොව බිලියන පතියෙක් වී හමාරය. මේ වන විට භාතියා ඇමරිකා එක්සත් ජනපද පුරවැසියෙක් ලෙස ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ සිලිකන් වැලිහි ජිවත් වෙයි.

වරක් මාධ්‍ය සාකච්චාවකදී එක් මධ්‍යවේදියක් විසින් ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයකි.  ” ඔබ Hotmail සේවාව විකුණා දැමීම වෙනුවෙන් ඔබ දැන් පසු තවෙනවද ?  නැහැ කිසිසේත්ම නැහැ. මම හිතන්නේ මම ඒ අවස්තවේ ගන්න ඕන හොඳම තීරණය ගත්තා ” යනුවෙන් පැවසිය.

=====================

ලිපිය සැකසීම :  මාර්ක්ස් රණවීරගේ | Marx Ranaweerage | BytesRack Hosting

 

 

By ranjan

One thought on “වෙබ් බ්‍රවුසරයෙන් බිලියනපතියෙක් වූ සබීර් භාතියා Sabeer Bhatia’s story”
  1. ඉතා වටිනා ලිපියක්. මම ඉස්සර සබීර් භාතියා ගැන අසා තිබුනත් ගොඩ දෙනෙක් ඔහු කවුද කියල හරියටම දන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *