මෙම චායා රූපවල ඉන්න පුද්ගලයින් ගැන මොකද හිතන්නේ. මේ සාමාන්‍ය මිනිස්සු නේද  . ඔව් ඇත්තටම මටත් හිතුනේ එහෙමයි. නමුත් ඔබ දන්නවාද මේ චායාරුපයේ ඉන්න පුද්ගලයින් මෙලොව ජිවත් වන අය නොවෙයි. එහෙනම් මිය ගිය අයද ? නැත ඇත්තටම මෙවැනි පුද්ගලයින් මේ ලෝකයේ නැහැ . මේ AI තාක්‍ෂණය නොහොත් කෘතීම බුද්ධිය භාවිතා කොට කෘතිමව පරිගණකයෙන් හදපු පින්තූරයක්.

මේ සියලුම චායාරූප කෘතිමව නිර්මාණය කර තිබෙන්නේ nVIDIA සමාගම විසින්. nVIDIA සමගම කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා අති දැවැන්ත සමාගමක්. මොවුන් පරිගණක ක්‍රීඩා සහ විශේෂිත Graphics අවශ්‍යතා සඳහා අවශ්‍ය දෘඩාංග GPU නිපදවන සමාගමක්.

මොවුන් විසින් මේ සඳහා Generative Adversarial Network (GAN) තාක්‍ෂණය භාවිතා කරලා තමයි මෙවැනි ආකාරයේ සත්‍යාසන්න චායාරුප නිර්මාණය කරලා තියෙන්නේ. මෙවැනි මුහුණු සැකසුම් ක්‍රමවේදය හඳුන්වන්නේ StyleGAN ලෙසය. 

මොකක්ද මේ StyleGAN කියන්නේ ?

මෙහිදී මුලිකවම සිදුවන්නේ සමාජයේ ජිවත්වන මිනිසුන්ගේ විශාල ප්‍රමාණයකගේ මුහුණු හැඩයන් පරිගණකය විසින් අධ්‍යනය කරමින් නව මුහුණක් ප්‍රති නිර්මාණය කිරීමය. මේ සඳහා ඔවුන් පාදක කරගෙන තිබෙන්නේ තවමත් ළදරු අවධියේ පවතින පරිගණක කෘතීම බුද්ධිය වේ. මෙලෙස කෘතීම බුද්ධිය තවමත් ළදරු අවධියක තිබ්බත් වර්තමානයේදී ඉතා සීග්‍රයෙන් දියුණු වන තාක්ෂණයකි. දැනටමත් ඇමරිකා එක්සත් ජනපදයේ බොහෝ සමාගම් කෘතීම බුද්ධියෙන් පල ප්‍රයෝජන ලබා ගනී. ඇමරිකාවේ බොහෝ දුරකථන සමාගම් සඳහා ලංකාවේ මෙන් සාම්ප්‍රදායි කෝල් සෙන්ටර්ස් නැත. දුරකථන සමාගම් සිය පාරිභෝගිකයාට සේවය සලසන්නේ AI නොහොත් කෘතීම බුද්ධිය භාවිතයට ගනිමිනි. 2016 වර්ෂයේදී වරෙක මා ඇමරිකාවේ සංචාරය කරන අවස්ථාවක මාගේ ජංගම දුරකතනයේ ගැටළුවක් පැන නැගුණි. ඉන්පසු තාක්ෂණික සහය සඳහා අදාළ දුරකථන සමාගමේ ( AT&T ) තාක්ෂණික සහයක අංශය ඇමතුවෙමි. එවිට දුරකථනයට පිළිතුරු දුන්නේ කෘතීම බුද්ධියෙන් නිර්මිත තාක්‍ෂණික සහායකවරියකි. ඇය ඉතා සුහද ලෙස මාත් සමග කතා බහකොට මාගේ ගැටලුව විසඳා දුන්නාය. මෙමගින්  ඔබට කෘතීම බුද්ධියේ සීග්‍ර දියුණුව පිළිබඳව අදහසක් ලබා ගත හැකිය. Artificial intelligence ( AI ) සම්බන්ධයෙන් වෙනත් ලිපියක් ඉදිරියේදී IT පහනෙහි පල කිරීමට අදහස් කරමි.

nVIDIA විසින් 2019 පෙබරවාරි මාසයේ සිට මේ වන තෙක් සාදන ලද චායාරූප සංඛ්‍යාව ලක්ෂයකට වඩා අධිකය. ඔවුන්ගේ පරිගණක පද්ධතිය විසින් නිරන්තරයෙන් චායාරූප ප්‍රති නිර්මාණය කරමින් පවතී. මෙය ස්වයංක්‍රීයව සිදුවන ක්‍රියාදාමයකි . මෙවැනි ආකාරයේ කෘතිමව නිපදවන මුහුණු ඔවුන්ගේ වෙබ් අඩවියට ස්වයංක්‍රීයවම එක් වේ. එය ඔබටත් නැරබීමට අවශ්‍ය නම් ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. https://www.thispersondoesnotexist.com
වරකට මෙහි පෙන්වන්නේ එක් චායාරූපයක් පමණි. ඔබට තවත් චායාරූපයක් නැරබීමට අවශ්‍යනම් වෙබ් පිටුව Refresh කරන්න. නැත්නම් ඔබගේ කීබෝර්ඩ් එකෙහි ඇති F5 key එක ඔබන්න.

මෙම ලිපිය සකස් කිරීම සහ කතෘ අයිතිය
මාර්ක්ස් රණවීරගේ
Marx Ranaweerage
BytesRack bytesrack.com

By ranjan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *