” අයියෝ මේ මරාල කොම්පියුටරේ හරිම ස්ලෝ අනේ. බූට් වෙන්නම හැට වරුවක් යනවා. වැඩක් කරගන්න ගිහාම එපා වෙනවා. වර්ඩ් එකවත් ඇරෙන්නේ නැහැ හරියට . එක්කෝ කම්පියුටර් හදන කෙනෙක්ව ගෙන්නලා හරි මේක හදා ගන්න ඕනේ. “

මේ වගේ නොයෙකුත් මැසිලිවිලි ඔබත් නගනවා ඇති. බොහෝ පරිගණක අලුත්වැඩියා කරන්නන් කරන්නේ නිවසට පැමිණ සම්පුර්ණ පරිගණකයම නැවත ෆොර්මැට් කරදී ඔබගේ පරිගණකය වේගවත් කරදීමය.  නමුත් මෙය විසඳුමක් නොවන බව ඔබ සිහි තබා ගත යුතුය. එමෙන්ම නැවත මෙහෙයුම් පද්දතිය ස්ථාපනය කිරීමේදී ඔබගේ වටිනා දත්ත පවා අස්ථානගත විය හැකිය.  එමෙන්ම යම් කාලයකට පසුව නැවත ඔබගේ පරිගණකය මන්දගාමී වීමට පුළුවන.

පරිගණකයක් යම් කාලයක් යනවිට මන්දගාමී වීම ස්භාවිකය. ඔබ වාහනයක් සර්විස් කරන්නාක් මෙන් ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියද සර්විස් කල යුතුය. ඔබේ පරිගණකය ඉබි ගමනින් වැඩ කරන්නේ නම් එය ඔබගේ කාලය සහ මුදල් කා දමයි.   වර්තමානයේ පරිගණක මෙහෙයුම් පද්දතිය කළමනා කරණය කර ගැනීමට විවිද මෘදුකාංග පැවතියත් එමගින් අප බලාපොරොත්තු වන සේවය ලැබේදැයි යන්න සැක සහිතය.

මෙයට විකල්පයක් ලෙස Wise Care 365 පැමිණ ඇත.  පරිගණක ක්ෂේත්‍රයේ වසර 20 කට වඩා පළපුරුද්දක් ඇති මා මෙතෙක් දුටු විශිෂ්ටතම මෘදුකාංගය ලෙස මෙම මෘදුකාංගය හැදින්විය හැකිය. මෙම මෘදුකාංගය ස්ථාපනය කරගැනීමෙන් පසුව ඔබගේ පරිගණකය කිසි ලෙසකින්වත් මන්දගාමී නොවන බවට සහතික විය හැකිය.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඇති 90 % කටත් සේවා ඔබට කිසිඳු මුදල් ගෙවීමකින් තොරව නොමිලයේ ලබා ගත හැකිවීමය.  ඔබට පහත සඳහන් ප්‍රතිලාභ හිමිකරගත හැකිය.

  • ඔබගේ සමස්ත පරිගණකයම පරික්ෂා කොට එහි ඇති අඩු ලුහුඩුකම් පෙන්වා දීම
  • පරිගණකයේ භාවිතා නොවන ෆයිල්ස් ( කසල ගණයට වැටෙන ) සහ Temporarily files ඉවත්කර දැමීම
  • පරිගණකයේ රෙජිස්ටරි එක මානව කළමනාකරණය කොට තබා ගැනීම. ඔබේ පරිගණකය වේගවත්ව තබාගැනීමට නම් මෙහෙයුම් පද්දතිය හා ලඟින්ම වැඩ කරන රෙජිස්ට්රි එක පිරිසිඳුව තබාගැනීම අතිශය වැදගත් කරුණකි.
  • මෙහෙයුම් පද්දතිය වේගවත් කිරීම
  • ඉවත්කර ගැනීමට නොහැකි මෘදුකාංග ඉවත් කිරීම
  • පරිගණකයේ ඇති අහබු මතකය හෙවත් RAM චිප් කළමනා කරණය කිරීම.

ඉහත සඳහන් පහසුකම් වලට අමතරව ඔබගේ පරිගණකයේ ඇති දත්තවල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට නම් යම් සුළු මුදලක් ගෙවා Full Version එක ලබා ගත හැකිය. මෙමගින් ඔබගේ පරිගණකයේ ඇති චායාරූප , වීඩියෝ සහ අනෙකුත් සංවේදී දත්ත වලට විශේෂිත ආරක්ෂාවක් සපයයි. මොනයම් හෝ හේතුවකින්වත් කිසිම පිටස්තර පුද්ගලයකුට හෝ හැකර් වරයෙකුට ඔබගේ දත්ත සොරා ගත නොහැකිය. එමෙන්ම පරිගණය boot වීමද වේගවත් කල හැකිය.

 

ලිපිය සැකසීම : මාර්ක්ස් රණවීරගේ | Marx Ranaweerage | BytesRack Hosting

 

 

2 thoughts on “පණ අදින පරිගණකයට ජිවය දෙන්න Wise Care එයි”
  1. ගොඩක් ස්තුතියි. මම අද Download කරලා මගේ Desktop එකට දැම්මා. Computer එක පළමු වතාවට format කරලා Windows දාපුවාම එන speed එක නැවත ලැබෙනවා. මම ලබන සතියේ ඔෆිස් එකේ තියන ඔක්කොම කම්පියුටර්ස් වලට දානවා.

  2. Thank you. හොඳ ආර්ටිකල් එකක්. සර්ට මාව මතකද දන්නේ නැහැ. මම සර්ගේ ජයවර්ධනපුර University lectures වලට ආව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *