පසුගිය දා ඇපල් සමගම විසින් වාර්ෂිකව පවත්වන WWDC 2019 ලෝක සමුළුවේදී ඔවුන්ගේ නවතම පරිගණකය එළි දැක්වුණි. මෙය වසරේ වේගවත්ම පුද්ගල පරිගණකය ලෙස හැදින්විය හැකිය. ඉතා ඉහල ශක්යත්වයකින් හෙබි මෙම පරිගණකය 28-core Intel Xeon processor 1.5TB of 6-channel ECC RAM 4TB SSD Drive දෘඩාංග පද්දතියකින් බලගන්වා ඇත. මෙවැනි ඉහල දෘඩාංග බලගැන්වීමක ප්රතිපලයක් ලෙස මෙම පරිගණකය ආශ්රයෙන් ඉතා විශාල කාර්යභාරයක් එකවර සිදු කරගත හැක.

මෙම නවතම Mac Pro 2019 පරිගණකයේ බාහිර හැඩලය මල නොකන වානේ වලින් ඉතා ආකර්ශනීය ලෙස නිපදවා තිබේ. මීට පෙර පැමිණි Mac Pro 2013 සිලින්ඩරාකාරව පැමිණි අතර 2019 දී එහි හැඩය සාමාන්ය සාම්ප්රදායි ඩෙක්ස්ටොප් පරිගණකයක හැඩයම ගෙන ඒමට නිර්මාපකයින් කටයුතු කොට ඇත. සම්පුර්ණයෙන්ම පරිගණක ආවරණය ඉහල ප්රමිතියෙන් යුතු ඇලුමිනියම් වලින් නිපදවා ඇත. එමෙන්ම පරිගණකය තුලට නිසි වාතාශ්රය ලැබෙන පරිදි සිදුරු සහිතව නිපදවාද තිබීම විශේෂත්වයක් වෙනවා.
විදුලි බලය
පරිගණකයෙහි තිබෙන GPU / CPU chips පන ගැන්වීම සඳහා වොට් W1400 පමණ බලයක් සහිත විදුලි සැපයුම් ඒකකයක් පිහිටුවා ඇත.
මොනිටරය

Mac Pro 2019 පරිගණකය සමග Pro Display XDR යනුවෙන් ඉතා සුවිශේෂී මොනිටරයක් ඇපල් සමගම විසින් හඳුන්වා දී ඇත. එහි බාහිර පෙනුම පරිගණකයේ කේසින් එක සමග මනාවට පෑහේ. මෙය අඟල් 32 Retina 6K display එකකින් යුක්තවන අතර මෙතරම් විශාල පික්සල් විභේදනයකින් පැමිණි ලොව පළමු මොනිටරය මෙය වේ. නැනෝ තාක්ෂනය භාවිතා කර ඇති මෙම මොනිටරය මතට බාහිර ආලෝකය මගින් ඇති පරාවර්තනය විශාල ලෙස අඩු කිරීමට නිර්මාපකයින් කටයුතු යොදා ඇත. මෙහි ප්රතිපලයක් ලෙස පරිගණකය හසුරවන්නට ඉතා පැහැදිලි දසුන් දක්නට ලැබේ. මෙහි සම්පුර්ණ පික්සල් විභේදන අනුපාතය 1,000,000:1 කි. තත්පරයකට හැසිරවිය හැකි පික්සල් ප්රමාණය බිලියන 6 කි. මෙම පරිගණකයට එකවර සම්බන්ද කල හැකි මොනිටර් සංඛ්යාව 6කි.

Mac Pro 2019 පරිගණකයෙහි අඩංගු විශේෂිත දෘඩාංග පහත දැක්වේ.
CPU 28-core, 56 threads, 2.5GHz, 4.4GHz TB, 66.5MB cache, price TBC
බර 18kg (39.7lb)
පරිගණකයේ දිග පළල 52.9cm x 45cm x 21.8cm (20.8in x 17.7in x 8.58in)
පරිගණක මතකය 1.5TB of 6-channel ECC RAM මෙය 2TB 2933MHz දක්වා සහාය දක්වයි.
දත්ත ගබඩා කිරීමේ හැකියාව 4TB SSD
ග්රැෆික් හැසිරවීමේ ශක්යතාවය AMD Radeon 32GB 28.2 Teraflops, 64GB of HBM2 memory and 1TB/s memory bandwidth.
PCI Express expansion ports 8
USB 3.0 ports 3
Thunderbolt ports 3
Ethernet ports 3
Mac Pro 2019 පරිගණකයෙහි සම්පුර්ණ මිල ඇමරිකානු ඩොලර් $4,999 ලෙසට මිල නියම කොට ඇත.
ලිපිය සැකසීම සහ පුර්ණ අයිතිය.
