infosys

කොටස් අංක 1

ඒ 1980 දශකයයි. කතාව ආරම්භ වන්නේ ඉන්දියාවේ පූනේ නගරයෙනි. ශුදා කුල්කර්නීට නාරායන මුර්ති මුණ ගැහෙන්නේ ඇයගේ ලගම මිත්‍රයකු වන  ප්‍රසන්නගේ මාර්ගයෙනි. ප්‍රසන්න සහ ශුදා එවක ටෙල්කෝ සමාගමේ එකට පුහුණුව ලැබූ ලගම මිත්‍රයින් දෙදෙනෙකු විය. එකල ඇය ප්‍රසන්නගෙන් නිතර නිතර කියවීමට ඉල්ලා ගත් පොත් වල නාරායන මුරතිගේ නම බොහෝ තැන්වල දුටුවාය. නිරන්තරයෙන් මේ නම දුටු ශුදා නාරායන මූර්තිගේ රුව සිතින් මවා ගත්තාය.

මුර්ති පිළිබඳව මම මගේ හිතේ මවාගෙන සිටිය චිත්‍රයට වඩා වෙනස් පුද්ගලයෙක් කියලා දැනුනේ ඔහුව මුණ ගැසුනට පස්සෙයි. උපැස් යුවලක් පැළඳ සිටි ඔහු සාමාන්‍යයෙන් ලැජ්ජාශීලි අයෙක් වුණා. දිනක් ඔහු රාත්‍රී භෝජන සංග්‍රහයකට අපට ආරාධනය කළා. ඒ ඔහුගේ ආරාධනයෙන් මාව යම් තිගැස්සිමකට ලක්වුනා කිවොත් මම හරි. මට දැනුණා මුර්ති ගොඩක් ඉක්මන් වෙනවා වැඩියි කියලා. කොහොම නමුත් අන්තිමේදී මම මුර්තිගේ ආරාධනය ප්‍රතික්ෂේප කළා එයට හේතුව අපේ කණ්ඩායමේ හිටපු එකම ගැහැණු ළමයා මා පමණක් වූ නිසා. මුර්ති කියන්නේ ටිකක් විතර රළු චරිතයක්. ඉන් පස්සේ ඔහු කේන්ති ගනීවි කියල හිතලා අවසානයේ මම මුර්ති සහ අපේ කණ්ඩායමේ මිත්‍රයිනුත් සමග රෑ කෑමකට යන්න කැමැත්ත පල කළා. මූරති පහුවෙනිදා පූනේ ප්‍රධාන මාර්ගයේ තියන ග්‍රීන් ෆීල්ඩ් හෝටලයේ තමයි බෝජන සංග්‍රය සුදානම් කරලා තිබ්බේ. රාත්‍රී 7.30 පමණ එන ලෙස හැමෝටම ආරාධනය කළා.

පහුවෙනිදා රෑ 7 ට විතර මම ගියා මගේ ඇඳුම් වගයක් මහන්න දීලා තිබ්බ ටේලර්ව හම්බ වෙන්න. ටේලර් සාප්පුව තිබ්බෙත් හෝටලය ඉදිරිපසමයි. මම දැක්කා මූර්ති හරියටම රෑ 7 ට හෝටලය ඉස්සරහා හිටගෙන ඉන්නවා. අදටත් මූර්තිගේ මේ පුරුද්ද එහෙමම තියනවා. වෙලාවක් කිවොත් ඒ වෙලාවට කලින් එයා එතනට ඇවිත් ඉන්නවා. අපි හොජන සංග්‍රහය අතරතුරම ඉතා හොඳ යාලුවෝ උනා. මුර්ති එදා මාත් එක්ක ගොඩක්  කතා කලේ ඔහු ගිය විදේශ සංචාර ගැන සහ ඔහු කියවපු පොත්පත් ගැන. එදා මගේ යාළුවො කිවුවේ මුර්ති ඔයා ගැන ලොකු විශේෂ උනන්දුවක් දක්වනවා කියලා. යාලුවෝ එහෙම කිවත් සංග්‍රහය අවසන් වෙනකන් මම ඒවා පිළිගත්තේ නැහැ. රෑ කෑම අවසන් කිරීමෙන් පස්සේ මුර්ති මගේ ලඟට ඇවිත් කියනවා ” මට ඔයාට කියන්න දෙයක් තියනවා ” මම දැනන් හිටියා මුර්ති කොයි වෙලාවේ හරි මේක කියනවා කියලා. ” ශුදා මගේ උස අඩි පහයි අඟල් හතරයි. මම ඇත්තටම මම පහල මධ්‍යම පාන්තික පවුලකින් පැවත එන කෙනෙක්. මම දන්නවා මම මගේ ජිවිතේ කවදාවත් පොහොසතෙක් වෙන්නේ නැති බව. ඒවගේම මට කවදාවත් ඔයාට ධනවත් ජිවිතයක් උරුම කරලා දෙන්න වෙන එකකුත් නැහැ. නමුත් ඔයා ලස්සනයි. දක්ෂයි ඒ වගේම ගොඩක් උගත් කෙනෙක්. ඔයාට ඕන කෙනෙක්ව බදින්න පුළුවන්. නමුත් ඔයා මාව කසාද බඳින්න කැමතිද ? ” මුර්ති මෙහෙම ඇහුවම මම කිවා මට එකපාරටම උත්තරයක් දෙන්න බැහැ. මට ටික කාලයක් දෙන්න කියලා. එදවස් වල මුර්ති කොමියුනිස්ට් පක්‍ෂයත් එක්ක එකතු වෙලා දේශපාලනය කළා. ඒවගේම එයාට ලොකු ආසාවක් තිබ්බ අනාත නිවාසයක් ආරම්භ කරන්න. මම දන්නවා මගේ තාත්තා කොහෙත්ම කැමති වෙන්නේ නැහැ හරි හමන් රස්සාවක් නැතිව දේශපාලනයේ යෙදිලා අනාත නිවාසයක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට මාව බන්දලා දෙන්න.

මගේ ගෙවල් තිබ්බේ කර්ණාටක ප්‍රාන්තයේ හුබ්ලි නගරයේ. මම හුබ්ලි වලට ගියාම මගේ දෙමවුපියන්ට මුර්තිගේ යෝජනාව ගැන කිවුවා. මුර්තිත් කර්ණාටක ප්‍රාන්තයේ නිසා අම්ම නම් අකමැත්තක් දැක්වූවේ නැහැ. අම්ම කිවේ මූර්ති වැදගත් පවුලකින් පැවත එන උගත් බුද්ධිමත් දරුවෙක් වගේ පේනවා කියලා. නමුත් මගේ තාත්තා ඇහුවේ මුර්තිගේ රස්සාව මොකක්ද , පඩිය කියක් වගේ හම්බ වෙනවද සහ මොනවද අනෙක් සුදුසුකම් කියලා. මූර්ති ඒදවස් වල රැකියාව විදිහට කලේ ආයතනයක පර්යේෂණ සහකරුවෙකු ලෙස සේවයේ යෙදීම. මුර්තිගේ පඩිය මගේ වැටුපට වඩා බොහෝ සෙයින් අඩු අගයක් තමයි තිබ්බේ. නමුත් කසාද බැන්දට පස්සේ එයාට අදහසක් තිබ්බ නෙදර්ලන්තයට යන්න මගෙත් එක්ක.

අන්තිමේදී මගේ දෙමවුපියෝ තීරණය කලා පූනේ වලදී මුර්තිව මුණ ගැහිලා මේ ගැන කතා කරන්න. අපි යොදා ගත්ත දවසක උදේ 10 ට හම්බ වෙන්න එන්න කියල මුර්තිට දැන්වුවා. නමුත් මූර්ති උදේ 10 ට ඇවිත් හිටියේ නැහැ. අපි ගොඩක් වෙලා බලන් හිටියා මුර්ති එනකම්. ඒත් ඔහු ආවේ නැහැ. එදා මගේ තාත්තට හොඳටම කේන්ති ගිහින් හිටියේ . ” මම කොහොමද මගේ දුවව මේ වගේ කෙනෙක්ට බන්දලා දෙන්නේ. වෙලාවක් යොදාගත්තා නම් එදාට වෙලාවට එන්න ඕනේ. අපි අපහු යන්න ඔන්න මෙන්න තියල දවල් දොළහට විතර මුර්ති ආවා තද දීප්තිමත් රතු පාට කමිසයක් ඇඳගෙන. එදා ආයතනයේ වැඩකට මුර්ති බොම්බෙට යන්න සිද්ද වෙලා. ඒ ගිහින් එන අතරතුර ගාට් වලදී ලොකු වාහන තදබදයකට හිරවෙලා ඉඳලා තියනවා. ඉතින් ඉක්මනට එන්න ඕනෑම නිසා මුර්ති එදා ටැක්සියක් හයර් එකට අරන් ඇවිත් තියෙන්නේ. මම දන්නවා ටැක්සි එකක් හයර් එකට අරන් එනවා කියන්නේ ඒක ඔහුට ලොකු මුදලක් . නමුත් අනාගත මාමණ්ඩිය බලන්න ඉක්මනට එන්න ඕනේ නිසාම තමයි මුර්ති කවදාවත් නැතුව ටැක්සියක් අරන් ඇවිත් තියෙන්නේ. මගේ තාත්තට එවෙලේ මුර්ති ගැන කිසිම පැහැදීමක් තිබ්බේ නැහැ. අන්තිමේදී තාත්ත ඇහුව අනාගතේ කරන්න මොනවද හිතන් ඉන්නේ කියලා. එතකොට මුර්ති කිවුවා ” මට ඕනේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධවෙලා දේශපාලනයේ යෙදෙන්න. ඒවගේම අනාත නිවාසයක් ආරම්භ කරන්න ලොකු අදහසක් තියනවා ” කියලා.

තාත්තා එවෙලේම මුර්තිට වචනේ දුන්නා. කොමියුනිස්ට් පක්ෂේ දේශපාලනේ කරන කෙනෙක්ට මගේ දුවව බන්දලා දෙන්න මම කැමති නැහැ. අනෙක අනාත නිවාස හදන්න යන කෙනෙක් කොහොමද තමන්ගේ පවුලක් බලා කියා ගන්නේ. අපේ තාත්තා තදබල කොමියුනිස්ට් විරෝධියෙක්. තාත්තා මේ කසාදය සිද්ද වෙනවාට දැඩි විරෝධයක් එල්ල කරා. පස්සේ මම තාත්තට කිවා මම කවදාවත් හොරෙන් මුර්තිව බඳින්නේ නැහැ. බැන්දොත් බඳින්නේ තාත්තාගේ ආශිර්වාදයත් එක්කයි. මම මුර්තිව හැරෙන්න වෙන කෙනෙක් බඳින්නේ නැහැ. පස්සේ තාත්තා කිවුවා හරි එහෙනම් මුර්තිට කියන්න ස්ථිර රක්ෂාවක් හොයා ගන්න කියලා.

මුර්ති කියන්නේ හරිම අවංක කෙනෙක්. එයා මට යෝජනා කරපු වෙලාවේ මුලින්ම කිවේ එයාගේ තියන දේ ගැන නොවෙයි නැති දේ ගැන. පස්සේ මම තාත්තා කියපු විදිහට ගිහින් මුර්තිට කීවා ස්ථිර රස්සාවක් හොයා ගන්න කියල. නමුත් මුර්ති ඒක ප්‍රතික්ෂේප කරා. මුර්ති කිවේ වෙන කෙනෙක් කියන විදිහට එයාට ජිවිතේ වෙනස් කරන්න බැහැ කියල. අන්තිමේදී මම ගිරයට අහු වෙච්චි පුවක් ගෙඩිය වගේ උනා. මොකද මට මුර්ති වගේම තාත්තවත් වටිනවා. මේ දෙන්නා මගේ ජිවිතේ වැදගත්ම දෙන්නා.

විවාහයට කැමැත්ත ලැබෙනතාක් ගෙවී ගිය  වසර තුනක කාලය තුල පූනේ නගරයේදී අපි දෙදෙනා නොගිය සිනමා ශාලාවක් , අවන්හලක් නොමැති තරම්ය. ඒ දවස් වල මුර්තිගේ අතේ සතේ තිබ්බේ නැති අවස්ථා තමයි වැඩිපුර තිබ්බේ. ඔහු ලැබුවේ ඉතා සුළු වැටුපක්. ඔහු හැමවෙලේම මට ණයයි. අපි කෑමකට ගියත් මූර්ති හැම වෙලාවෙම කිවුවේ ඔයා මගේ කොටසත් එක්ක ගෙවන්න. මට සල්ලි ලැබුණු වෙලාවක මම අපහු ඔයාට ගෙවන්නම් කියලා. නමුත් කවදාවත් ඔහු මට ණය වෙච්ච මුදලනම් අපහු ගෙවුවේ නම් නැහැ. අන්තිමේදී අපේ විවාහ මංගල්‍යයෙන් පස්සේ මුරතිගේ ණය පොත අරන් බැලුවා. මුර්ති මට ණය වෙච්ච සම්පුර්ණ මුදල රුපියල් 4000 වඩා පොඩ්ඩක් වැඩියෙන් තිබ්බා.

මේ කාලය තුල මුර්තිට අලුත් රක්‍ෂාවක් ලැබුනා බොම්බේ නගරයේ පිහිටි පට්නි කම්පියුටර්ස් සමාගමේ. ඒ සාමාන්‍යාධිකාරී ( General Manager ) තනතුර සඳහා. 70 දශකයේ මුල් භාගයේ  පරිගණක තාක්ෂණය වෙතට  ඉන්දියාව වේගයෙන්  යොමුවූ යුගයක් උනා. එම රැකියාවට ගිය අලුතම මුර්තිට ඇමරිකා එක්සත් ජනපදයට යන්න අවස්තාව හිමි වුණා ඒ පුහුණුවක් සඳහා. පට්නි කම්පියුටර්ස් සමාගමේ රැකියාවට යන්න කලින් මුර්තිට ඕන උනේ අපේ විවාහ මංගල්‍ය සිද්ද කරන්න. මොකද අලුත් රැකියාවත් එක්ක මුර්තිට ඇමරිකාවට යන්න සිද්ද වෙන නිසා. පරණ අඩු වැටුපක් ලැබූ රැකියාව අත හැර නව රැකියාවට යාම නිසා තාත්තා අපේ විවාහයට කැමැත්ත පල කළා. අවසානයේ අපි දෙමවුපියන්ගේ කැමැත්ත මත 1978 පෙබරවාරි මස 10 වන දින බැංගලෝර් හි පිහිටි මුරතිගේ මහ ගෙදරදී අපේ විවාහය සිද්ද උනා. විවාහ මංගල්‍යයට සහභාගී උනේ අපේ පවුල් දෙක විතරයි. විවාහ මංගල්‍ය සඳහා වියදම් සම්පුර්ණ මුදල රුපියල් 800ක් . ඒ මුර්තියි මමයි එකතු කරපු මුදල් වලින් එක්කෙනෙක් රුපියල් 400 ගානේ දාල රුපියල් 800 කින් අපේ විවාහ මංගල්‍ය අවසන් කළා.

විවාහ මංගල්‍යයෙන් පසුව මම මුර්තිත් එක්ක ඇමරිකාවට ගියා. මුර්ති නිතරම මාව උද්යෝගමත් කල ඇමරිකාවේ සංචාරය කරන්න මොකද මම ගොඩක් සංචාරය කරන්න ආස නිසා. මම මාස තුනක් විතර ඇමරිකාවේ සංචාරය කළා. මට මතකයි වරක් මාව නිව් යෝර්ක් නගරයේදී අත්අඩංගුවට පත් වුණා. ඒ පොලිසිය වරදවා වටහාගෙන මම ඉතාලියේ ඉඳලා මත්ද්‍රවය ප්‍රවාහනය කරන කාන්තාවක් කියලා. මට මතකයි මම වරක් ඇමරිකාවේ ග්රෑන්ඩ් කැනියන් වල එළි වෙන තුරු පහන් කළා වයසක ජෝඩුවක් සමග. එදා මුර්ති හොඳට බය වෙලා ඉඳලා තියෙන්නේ. මම නැවතිලා හිටපු හෝටලේට කතා කලත් ප්‍රතිචාරයක් නැති නිසා එයා හිතල තියෙන්නේ මාව කවුරු හරි පැහැරගෙන යන්න ඇති කියලා.

1981 වර්ෂයේදී මුර්තිට අවශ්‍ය වෙනවා තමන්ගේම මෘදුකාංග සමාගමක් පිහිටුවා ගන්න. පට්නි කම්පියුටර්ස් සමාගමේ සේවය කරලා ලැබිච්ච පළපුරුද්දත් එක්ක මුර්තිට මෘදුකාංග සමාගමක් පිහිටුවන්න අවශ්‍ය හොඳ දැනුමක් සහ පළපුරුද්දක් තිබ්බා. ඒවගේම ඉතා හොඳ දැක්මක් තිබ්බා. නමුත්  අතේ සත පහක් තිබ්බේ නැහැ. මට තේරුනා මුර්ති ව්‍යාපාරික ක්ෂේත්‍රයට යොමු වෙනවා කියලා. අපි කිසිම ව්‍යාපාරික පවුල් පසුබිමකින් පැමිණි අය නොවෙයි. ඒ වෙනකොට මුරතිගේ රස්සාවත් එක්ක බොම්බේ වල අපිට සුව පහසු ජිවිතයක් තිබ්බා . මට ව්‍යාපාර කරන්න ගිහින් ඒ ජීවිතය නැති කරගන්න අවශ්‍ය උනේ නැහැ. නමුත් මුර්තිගේ අතින් ඒ දවස් වල උසස් මට්ටමේ මෘදුකාංග නිර්මාණය උනා. එක නිසා මුර්තිට උදව් කරන්න ඕනේ කියල මම අන්තිමට තීරණය කළා. සාමාන්‍යයෙන් මුරතිගේ ජිවිතයේ සල්ලි නැති උනත් මුර්ති නිතරම සිහින මවුවා. ඒ ඔහුගේ ස්භාවය.

ඒදවස් වල මම අතේ ඉතිරි කරගෙන තිබ්බා රුපියල් 10,000 . ඒ අමාරු කාලවලදී ප්‍රයෝජනයට ගන්න. ඒ බව මුර්තිවත් දැනන් හිටියේ නැහැ. මගේ ළඟ තිබ්බේ එච්චරයි. මම ඒ මුදල මුර්තිට දුන්නා ව්‍යාපාරය පටන් ගන්න. මම මුර්තිට අවුරුදු තුනක කාලයක් කල් දුන්නා. ගිහින් ඔයාගේ සිහිනය සැබෑ කරගන්න කියලා . ඔයා ගෙදර ගැන වද වෙන්න ඕනේ නැහැ. මම ගෙදර ආර්ථිකය ගැන බලා ගන්නම්. හැබැයි මම ඔයාට කල් දෙන්නේ අවුරුදු තුනක් විතරයි. මුර්ති තව යාලුවෝ හය දෙනෙක් එක්ක එකතුවෙලා තමයි මුලින්ම පරිගණක මෘදුකාංග ව්‍යාපාරයට යොමුවන්නේ. විශාල උනන්දුවක සහ කැපකිරීමක ප්‍රතිපලයක් ලෙසට තමයි 1981 දී ඉන්ෆෝසීස් සමගම බිහිවෙන්නේ . සමාගම ආරම්භ කරලා ටික දවසක් යනකොට 1982 දී මම මගේ රැකියාවෙන් අයින් උනා. ඒ වෙනකොට මම සේවය කරමින් හිටියේ ටෙල්කෝ සමාගමේ. රස්සාවෙන් අයින් වෙලා මම මුර්ති එක්ක පූනේ වලට ගියා. එහාට ගිහින් බැංකු ණයක් අරගෙන පොඩි ගෙයක් මිලට ගන්න පුළුවන් උනා.. අපේ නව නිවාසයේ තමයි මුලින්ම ඉන්ෆොසීස් සමාගම ආරම්භ කලේ. ඉතින් මම තමයි ඉන්ෆොසීස් සමාගමේ ලිපිකරු උනේ. ඒවගේම සමාගමේ කෝකියා උනෙත් මම. එයින් නොනැවතී මෘදුකාංග නිර්මාණ ශිපිනියක් විදිහටත් වැඩ කළා. මේ විදිහට අපේ කුඩා සමාගම ගොඩ නගාගෙන යනකොට 1983 වර්ෂයේදී අපිට අපේ පළමු සේවාලාභියා (Client ) ලෙස බැන්ගලෝරයේ මිකෝ ( MICO ) සමාගමේ ව්‍යාපෘතියක් අපගේ සමාගමට ලැබෙනවා. ඉන් පසුව මුර්තිට නැවතත් ව්‍යාපෘතියක් සඳහා ඇමරිකාවට යාමට සිද්ද වෙනවා . නමුත් මේ අවස්ථාවේ ඔහුත් සමග ගමනට එක්වන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මට මගේ දෙවන දරුවා රොහාන් ව ලැබෙන්න සිටි නිසා. මුර්ති ඇමරිකා එක්සත් ජනපදයට ගියාට පස්සේ මට ඔහුව නැවත දකින්නට ලැබෙන්නේ හරියටම වසරකට පසුවයි. මේ දවස්වල තව තව ප්‍රශ්න කරදර ගොඩක් එන්න ගත්තා. වරක් මගේ දෙවන දරුවාට ලබා දීපු එන්නතක් අසාත්මික වෙලා දරුවා ගොඩක් වේදනා වින්දා. කොහොම හරි ලබා දෙන්න ඕනේ සියලුම එන්නත් ටික ලබා දීලා මම බැන්ගලෝර්වලට නැවත පැමිණියා. බැන්ගලෝර් වලට පැමිණියාට පස්සේ ජයනගර් හි කුලියට කුඩා නිවසක් ලබාගෙන මම මගේ දරුවන් දෙදෙනාත් එක්ක පදිංචි උනා. තවත් නිවසක් කුලියට ගෙන එය ඉන්ෆොසිස් සමාගමේ මුලස්ථානය බවට පත් කරගත්තා. ඉතින් මම නැවතත් අපේ සමාගමේ රැකියාව ලෙස කෝකියා යන තනතුර බාර ගත්තා. ඉන් නොනැවතී සමාගමේ එකම මෘදුකාංග ශිල්පිනිය ලෙසද , ලිපිකරු , පියන් , ලේකම් තනතුර ඇතුළු සියල්ල හෙබවූවා.

මේ කාලය තුල නාදන් නිලේකානි (MD of Infosys) සහ ඔහුගේ බිරිඳ රෝහිණි අපිත් එක්ක එකට වැඩ කළා. මම ඉන්ෆොසිස් සමගම වෙනුවෙන් මෘදුකාංග නිර්මාණය කරන විට රෝහිණි තමයි මගේ පුතාව බලා ගත්තේ. ඒ දවස් වල අදා කාලේ වගේ අපිට යාන වාහන , දුරකථන තිබ්බේ නැහැ. අපි ඉතා දුක් මහන්සියෙන් ළමයිත් එක්ක විශාල අරගලයක් කරමින් තමයි අපේ කුඩා සමගම ඉදිරියට ගෙන ගියේ. අපි අපේ ජිවත ගැට ගසා ගන්න ලොකු සටනක් දුන්නා. මේ කාලය තුල අපේ දරුවන්ට පැපොල , සරම්ප සහ විවිද වෛරස් රෝගවලටත් ගොදුරු උනා. මෙවැනි අරගල ගෙන ගිය එකම අම්මා මම විතරක් නොවෙයි. අපේ සමාගමේ අනෙක් පවුල් වලටද එය පොදු දෙයක් උනා. අපි සියලු දෙනාම ඉතා අපහසුතා මධ්‍යයේ වැඩ කලත් අපගේ ව්‍යාපාරය අපට සතුට ගෙන දෙන්නක් උනා. අපි හැමෝම එක හොඳ පොදු අරමුණක් කරා ගමන් කරමිනුයි සිටියේ. මට තවම හොඳට මතකයි මගේ දුව අක්ශාව සුදා ගෝපාල් ක්‍රිෂ්ණා බලා කියා ගත්ත හැටි. මෙහෙම අපි හැමෝගෙම දරුවන් බලා කියාගෙන වැඩ කරන අතරේ කුමාරි ශිබුලාල් අපිට කෑම පිස දුන්නා.

 

දෙවන කොටස ඉක්මනින් බලාපොරොත්තු වන්න.

පරිවර්තනය මාර්ක්ස් රණවීරගේ Marx Ranaweerage

 

 

 

 

By ranjan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *