මයික්‍රෝසොෆ්ට් සමාගමට මෙතෙක් ඉතිහාසයේ එල්ලවූ දරුණුතම මැල්වෙයාර් අක්‍රමණය ඊයේ දිනයේදී ( අප්‍රියෙල් මස 6 ) සිදු විය. මෙම දරුණුතම මැල්වෙයාර් ආක්‍රමණයත් සමග මයික්‍රොසොෆ්ට් සමාගමේ පරිගණක ජාලයේ ඇති සියලුම පරිගණකයන්හි උෂ්ණත්වය අධික ලෙස ඉහල යන්නට විය. උෂ්ණත්වය ඉහල යත්ම සමස්ත ජාලයම බිඳ වැටෙන්නට ගත වුයේ පැය කිහිපයක් පමණි.

මෙය Emotet කාණ්ඩයේ මැල්වෙයාර් කාණ්ඩයේ වැඩසටහනකි. මෙම මැල්වෙයාර් වැඩසටහන නිර්මාණය කරන ලද හඳුනා නොගත් කණ්ඩායමක් විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් ඉතා සුක්ෂම ලෙස රැවටීමකට ලක්කොට තිබුණි. ඔවුන් විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින්ගේ ඊමේල් ලිපිනයන් වෙතට phishing ආකාරයෙන් ඊමේල් යොමු කර තිබු අතර එහි අමුණා තිබූ Attachment විවෘත කරනවාත් සමගම මෙම මැල්වෙයාර් වැඩ සටහන ක්‍රියාත්මක වන්නට පටන් ගැනුනි. එමෙන්ම මෙය ස්වයංක්‍රියව ගුණනය වෙමින් ආසාධිත පරිගණක හරහා අනෙකුත් පරිගණක වෙත පැතිර යන්නට විය. ඉන්පසු මෙය සමාගමේ පරිගණක පුරා පැතිර යමින් සමස්ත පරිගණක ජාලයම බිඳ වැටීමට ගත වුයේ පැය කිහිපයක් පමණි. මයික්‍රොසොෆ්ට් සමාගමේ සයිබර් ආරක්ෂණ ඒකකය (DART) විසින් වාර්තා කරන ආකාරයට ජාලය අකර්මන්‍ය වීමට ප්‍රධාන සාධකය වී ඇත්තේ සියළුම පරිගණක ප්‍රොසෙසර් වල උෂ්ණත්වය ඉහල යාමය.

මෙම දරුණු ගනයේ මැල්වෙයාර් වැඩසටහන නම්කොට ඇත්තේ Fabrikam යන නමිනි. ( මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙයට Fabrikam යන ව්‍යාජ නාමය ලබා දී ඇත්තේ තවමත් මෙම ආක්‍රමණශීලි වැඩසටහන පිලිබඳ පරීක්ෂණ මෙහෙයවමින් සිටින බැවිනි. )

මෙහි ප්‍රධාන ගති ලක්ෂණය වන්නේ මෙම මැල්වෙයාර් වැඩසටහන මගින් ආසාධනය වූ පරිගණකය 100 % තමා වෙත නතු කරගනිමින් එහි ඇති සියලුම සම්පත් අත්පත් කරගනිමින් ක්‍රියාත්මක වීමය. එහි ප්‍රතිපලය වන්නේ පරිගණක ප්‍රොසෙසර් හි උෂ්ණත්වය අධික ලෙස ඉහල යමින් අවසානයේ පරිගණකය අකර්මන්‍ය වීමය. තවද වැඩකරමින් තිබු සමහර පරිගණක හිර විය. ( freezing ) තවත් පරිගණක නොනවත්වා reboot වන්නට පටන් ගැනුනි. ඉන් නොනැවතුණු මෙම මැල්වෙයාර් වැඩසටහන සමස්ත සමාගමේම අන්තර්ජාල සම්බන්ධතාවය අත්පත් කරගනිමින් අන්තර්ජාල වේගයද ඉතා මන්දගාමී තත්වයට පත්කොට දැමුණි.

ලිපිය සැකසීම : මාර්ක්ස් රණවීරගේ Marx Ranaweerage

By ranjan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *