අන්තර්ජාලයේදී ඔබ ආරක්ෂිතද ?
අන්තර්ජාලයේ ඇති අනාරක්ෂිත තත්වයන් සහ ඒවායෙන් වැළකෙන හැටි පලවන ලිපි නිරන්තරයෙන් පුවත් පත්වල සඟරාවල , වෙබ් අඩවි වල දක්නට ලැබෙන නමුත් මා මෙම ලිපිය මගින් පැහැදිලි කරන්න යන්නේ මා විසින් කරන ලද යම් පර්යේෂණ සහ අද්දැකීම් ඇසුරින් ලබා ගත් දෑය. අනෙකුත් පොදු ආරක්ෂිත ක්රමවේදයන් මා මෙම ලිපියට එක් කර නැති බව කරුණාවෙන් සලකන්න.
ශ්රී ලංකාවේ අන්තර්ජාල ඉතිහාසය
අන්තර්ජාලයේ ඇති ආරක්ෂාව ගැන ගැන කතා කිරීමට පෙර ලංකාවේ අන්තර්ජාලය විකාශය වූ ආකාරය ගැන කතා කිරීම ඉතා වැදගත්ය. මන්ද ශ්රී ලාංකිකයින් අන්තර්ජාලය තුල අනාරක්ෂිත තත්වයට පත්ව ඇති ආකාරය ගැන ඉතිහාසය හැදිරිමෙන් මනා වැටහීමක් ලබා ගත හැකි බැවිනි.
අන්තර්ජාලයේ ආරම්භය වසර 1960 දක්වා ඈතට දිව ගියද එය මහජනතාවට භාවිතා කිරීමට අවස්ථාව උදාවුයේ 1982 වසරේදීය. එහෙත් මෙම අන්තර්ජාල පහසුකම දියුණු රටවලට පමණක් සීමාවිය. මෙසේ දියුණු රටවලට පමණක් සීමාවූ අන්තර්ජාලය ශ්රී ලංකාව වෙත ලඟා වුයේ 1990 වර්ෂයේදීය. ඒ මොරටුව විශ්වවිද්යාලයේ මුලිකත්වයෙනි. 1990 දී ලංකාවට අන්තර්ජාල පහසුකම හිමිවුවත් එය ශ්රී ලංකාවේ ප්රධාන රාජ්ය ආයතන, සමාගම් සහ විශ්වවිද්යාලවලට පමණක් සිමා විය. එය සාමාන්ය ජනතාවට විවෘත නොවුයේ එකල ලංකාවේ තාක්ෂණික යටිතල පහසුකම් නොදියුණු මට්ටමක පැවතී නිසාවෙනි. බොහෝ ප්රදේශවලට දුරකථන පහසුකම් පවා නොතිබුණි. එමෙන්ම අන්තර්ජාල පහසුකම ලබා ගැනීමද ඉතා මිල අධික කටයුත්තක් විය. 1995 දී ශ්රී ලංකාවේ ප්රථම පෞද්ගලික අන්තර්ජාල සේවාව වන ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමත් සමගම අන්තර්ජාලය ශ්රී ලංකාවේ සාමාන්ය ජනතාව වෙත විවෘත විය. ආරම්භයේදී ලංකා ඉන්ටර්නෙට් සමාගම කිලෝබයිට් 64ක ධාරිතාවකින් යුත් SEMEWE 2 මුහුදු කේබලය ඔස්සේ සම්බන්ධවී අන්තර්ජාලය ශ්රී ලංකාව පුරා බෙදා හැරුණි. එකල අන්තර්ජාල පහසුකම භාවිතා කරන ලද්දේ අතමිට යහමින් ඇති අය විසිනි. බහුතරය බස්නාහිර පළාතට පමණක් සිමා විය. අනෙකුත් පළාත් වලට අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට වඩා ඩෙස්ක්ටොප් පරිගණකයක් මිලිදී ගැනීම පවා විශාල අභියෝගයක් විය. එයට හේතුව නම් පරිගනකයක මිල එකල පැවති ආර්ථික මට්ටමට අනුව සාමාන්ය ජනයාට දරා ගැනීමට අපහසුවීමත් සහ පරිගණකයක් ක්රියාත්මක කිරීමට තරම්වූ දැනුමක් බොහෝ ජනයා තුල නොතිබීමත්ය.
වසර 2000 පසුව

වසර 2000 පසුව අන්තර්ජාලය ශ්රී ලංකාවේ අනෙකුත් පළාත් කරා වේගයෙන් පැතිර යන්නට විය. එකල ඩෙස්ක්ටොප් පරගණක ජනප්රිය වූ යුගයක් විය. වැඩි පිරිසක් 56K මොඩමයක් ආධාරයෙන් Dialup ආකාරයෙන් ඉන්ටර්නෙට් ලබා ගත් අතර , ඉන්ටර්නෙට් වලට අමතරව ඔවුනට දුරකථන බිලක්ද ගෙවීමට සිදුවිය. වරක් මා වැඩි වශයෙන් ඉන්ටර්නෙට් භාවිතා කිරීම නිසා අපගේ නිවසේ මාසික දුරකථන බිල රුපියල් 20,000 දක්වා ඉහල නැග තිබිණි. වේගයද අද පවතින මට්ටමට වඩා ඉතා මන්දගාමී විය. නමුත් මේ කාලය තුල ලංකාවේ ඉන්ටර්නෙට් සේවා සපයන සමගාම් වැඩි වශයෙන් බිහිවීමේ ප්රතිපලයක් ලෙස අන්තර්ජාල ගාස්තුද පහල බැසීමක් සිදුවිණි. ඉන් පසුව ADSL තාක්ෂනය පැමිණීමත් සමග ඉන්ටර්නෙට් හී වේගය දෙගුනු තෙගුනු වූ අතර අමතර දුරකථන ගාස්තුද ගෙවීමට අවශ්ය නොවුනි. මේ වකවානුවේදී සයිබර් කැෆේ නොහොත් ඉන්ටර්නෙට් අවන්හල්ද කොලබ ප්රදේශයේ වැඩි වශයෙන් විවෘත විය. එකල සන්ද්යා කාලයේ බම්බලපිටියේ සිට කොල්ලුපිටිය දක්වා ඇවිද යන්නෙකුට පාර දෙපැත්තේ ඇති සයිබර් අවන්හල් හත අටක් පමණ දැක ගැනීමට හැකිවිය. ඔවුන්ගේ අය කිරීම් පැයකට රුපියල් 80 සිට 250 දක්වා පරාසයකට විහිදිණි. මේ වන විට ගාලුපාර දෙපස පිහිටි සියලුම සයිබර් කැෆේ වැසීගොස් හමාරය. මන්ද අද අන්තර්ජාල පහසුකම නිවසකට ලබා ගැනීම ඉතා ලාබදායි මෙන්ම පහසු කටයුත්තක් වන බැවිනි.
ස්මාර්ට් ෆෝන් ආගමනය

වර්ෂ 2005 පමණ පසුව ස්මාර්ට් ෆෝන් දුරකථනවල ආගමනය සිදුවිය. තම ජංගම දුරකථනය භාවිතාකොට පරිගණක පිලිබඳ කිසිඳු දැනුමක් නැත්තෙකුට වුවද තම ජංගම දුරකථනය ආධාරයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට අවස්ථව උදා විය. මෙහි ප්රතිපලයක් ලෙස ඈත ගම් දනව්වල අන්තර්ජාල භාවිතා කරන්නන්න්ගේ පිරිස ඉතා සීග්ර ලෙස ඉහල ගියේය. තම ජංගම දුරකථනය ආධාරයෙන් චයරුප ලබාගෙන සමාජජාල ඔස්සේ බෙදා හැරීම ( ෂෙයාර් කිරීම ) , යුටියුබ් ආධාරයෙන් වීඩියෝ නැරබීම ආදී විවිද දේ කිරීමට හැකියාව ලැබුණි. ස්මාර්ට් ෆෝන් ආගමනයට පෙර අන්තර්ජාලය භාවිතා කල වැඩි ප්රතිශතය වුයේ ශිෂ්යයින් , උගතුන් සහ ව්යාපාරිකයින් යන ආදී පිරිසය. නමුත් අද වන විට තත්වය බෙහෙවින්ම වෙනස් වී කම්කරුවාගේ සිට ඉංජිනේරුවා දක්වා අන්තර්ජාලය භාවිතා කරයි. ශ්රීලංකාවට අන්තර්ජාලය හරහා යක්ෂයාගේ පැමිණීම සිදුවන්නේ ස්මාර්ට් ෆෝන් ආගමනයෙන් පසුවය. එය තවත් ආකාරයකින් කියනවා නම් වඳුරාගේ අතට දැලිපිහිය ලැබුනා වැනි දෙයක්ය.
ස්මාර්ට් ෆෝන් පැමිණිමට පෙර ලංකාවේ බොහෝ අයට අන්තර්ජාලයෙන් තිබු ලොකුම තරජනය නම් අන්තර්ජාලය හරහා පැමිණෙන වෛරස් වැඩ සටහන්ය. නැත්නම් ඇඩ් වෙයාර් වැඩ සටහන්ය. එයට අමතරව වෙනත් තර්ජන කිසිවක් නොතිබුණි. එකල වෛරසයක් පැමිණියෙනම් එය පරිගණකයෙන් ඉවත් කර සාමාන්ය ලෙස ජීවිතය ගෙන යාමට හැකි විය. වෙනත් කිසිඳු විපත්තියක් කිසිවෙකුට සිදු නොවුනි. නමුත් අද තත්වය බෙහෙවින්ම දරුණු අතට හැරී ඇත. සමහර අයට තම ජිවිත වලින් පවා වන්දි ගෙවීමට සිදුවී ඇත. ඒ ස්මාර්ට් ෆෝන් දුරකතනයේ පැමිණීමත් සමගය.
. ක්ලවුඩ් සේවාවන් අද නවීන ස්මාර්ට් ජංගම දුරකථන සමග ක්ලවුඩ් සේවාවන් ඉතා සමීපව කටයුතු කරයි. Cloud ඉඩකඩ කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙකුට මහත් ප්රයෝජන අත් කර දෙන සේවාවක්. තවදුරටත් සරලවම පැහැදිලි කරනවානම් කල්වුඩ් කියන්නේ තම තමන්ගේ දත්ත දුරස්ථ සර්වර්වල ගබඩා කර තබා තමන්ට අවශ්ය වන ඕනෑම මොහොතකතම දත්ත නැවත ලබා ගත හැකි සේවාවකට. මෙම කල්වුඩ් වල තමන්ගේ වැදගත් ලිපි ගොනු , චායාරූප, වීඩියෝ හෝ අතිශය පෞද්ගලික තොරතුරු ගබඩා කර තබා ගැනීමට හැකියාව තිබෙනවා. යම් හෙයකින් ඔබගේ පරිගණකය හෝ ජංගම දුරකථනය විනාශවී ගියද එහි අඩංගු දත්ත ඒත් සමගම විනාශ වී යාම වලක්වා ගන්න පුළුවන්. ඔබ Cloud සර්වරයක් තුල දත්ත ගබඩා කොට තැබුවේ නම් ජංගම දුරකතනය හෝ පරිගණකය විනාශවී ගිය විටකදී අපට ඉතා ලෙහෙසියෙන් අපගේ වටිනා දත්ත නැවත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ වන විට ලෝකයේ Cloud Service ලබා දෙන වෙබ් අඩවි සිය ගණනක් තියනවා. නමුත් විශ්වාසවන්ත ක්ලවුඩ් පහසුකමක් ලබා ගැනීම ඉතා වැදගත් වෙනවා.
කල්වුඩ් අනතුර Cloud Risk

ඇත්තටම කොහොමද මේ වගේ විශාල ප්රයෝජනයක් අත්කර දෙන ක්ලවුඩ් සේවාවක් නරක ආකාරයෙන් ක්රියා කරන්නේ.?
දිනක් මාගේ මිත්රයෙකුට අලුත් ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගැනීමට අවශ්ය විය. එය මිලට ගැනීමට මටද කතා කල බැවින් මාත් ඔහුද සමග අගනගරයේ පිහිටි ජංගම දුරකථන අලවි සලකට ගොඩ වැදුනෙමි. ජංගම දුරකථන අලවි සාප්පුවේ අයිතිකරු මගේ මිත්රයාගේ දුරස්ථ ඥාතියෙකු ද විය. එම අවස්ථාවේදී ජංගම දුරකථන අලවිසැලේ ඔහු නොසිටි බැවින් ඔහු එන තුරු කඩේ සේවකයින් සමග කතාබහ කරමින් සිටියෙමු. මිත්රයාගේ ඥාතියා ඒමට පැය ගණනාවක් ප්රමාද වූ නිසා සේවකයින් කිහිප දෙනෙකු මා සමග දැඩි ලෙස හිතවත් විය. මිත්රවීමේ ප්රතිපලයක් ලෙසට සමහර ජංගම දුරකථන අලවිකරුවන් කරන නීති විරෝදී මෙන්ම ශිෂ්ට සම්පන්න නොවන දෙයක් අනාවරණය කරගැනීමට හැකි විය. ඔවුන් පවසා සිටියේ සමහර ජංගම දුරකථන අලවිසැල් විසින් කාන්තාවන් හෝ ප්රසිද්ධ පුද්ගලයින් ජංගම දුරකථන මිලට ගැනීමට පැමිණි විට රහස් ක්ලවුඩ් ගිණුමක් සාදා දුරකතනයේ ස්ථාපනය කර දුරකථනය ඔවුන්ට විකිණීමයි. එම රහස් ගිණුමේ අයිතිකරු වන්නේ ජංගම දුරකථනය විකුණන සාප්පුවේ සේවකයාවේ. එවිට ජංගම දුරකතනයෙන් ලබා ගන්නා සියලුම චයාරූප , වීඩියෝ , දුරකථන සංවාද යන ආදී සියලුම දෑ කොපියක් වශයෙන් දුරකතනයේ අයිතිකරුට නොදැනීම රහස් ක්ලවුඩ් සර්වර් එකට අප්ලෝඩ් වේ. පසුව ජංගම දුරකථන අලවිසැලේ සේවකයාට ඇයගේ / ඔහුගේ ජංගම දුරකතනයේ ඇති සියලුම චායාරූප , වීඩියෝ සහ අනෙකුත් දත්ත ලබා ගත හැකිවේ . එමගින්ද නොනැවතී ජංගම දුරකතනයට ඇතුලත් කරන ලද රහස් ඇප් මගින් සියලුම දුරකථන සංවාද පටිගත කර තමාගේ රහස් කලවුඩ් ගිණුමට ලබා ගනීමටද හැකියාව ඇත.
පසු කාලයකදී මා විසින් මෙම රහස් කල්වුඩ් මුදුකාංග 16 පමණ අධ්යනය කෙරුවෙමි. අධ්යනය කිරීමේදී අනාවරණය වූ අනෙකුත් කරුණු ඔබ පුදුමයට පත්කරවන සුළුය. එමෙන්ම ඔබගේ ජංගම දුරකතනයේ කැමරාව සහ මයික්රෆෝනය ඔබට නොදැනීම ක්රියාත්මක කල හැකිය. එවිට ඔවුන්ට ඔබ සිටින ස්ථානය , ශරීර ඉරියව් පහසුවෙන් බලා ගත හැකිය. තවද ඔබ විසින් දුරකතනයේ තැන්පත් කර ඇති ක්රෙඩිට් කාර්ඩ් අංක , අන්තර්ජාල බැංකු ගිණුම් වල මුර පද ලෙහෙසියෙන්ම ලබා ගත හැකිය. එමගින් නොනැවතී ඔබ තනිවම සිටින වේලාවකදී ඔවුන්ගේ ගොදුරකට ඔබව පහසුවෙන් ලක්විය හැකිය. මෙවැනි රහස් ඔත්තු බලන මුදුකාංග මගින් ඔබගේ ජංගම දුරකතයේ පාලනය වෙනත් පාර්ශවයකට සම්පුර්නයෙන්ම නතුකර ගැනීමේ හැකියාව ඇත. පසුගිය කාලයේදී ලංකාවේ ප්රසිද්ධ පුද්ගලයින්ගේ චයරුප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදා හැරුනේ මෙවැනි ආකාරයට කියා අනුමාන කල හැකිය.
ආරක්ෂා වෙන්නේ කොහොමද ?

ඇත්තටම ඉතා පහසුවෙන් මෙවැනි ආක්රමණය වලින් වැළකෙන්න පුළුවන්. බොහෝ දෙනා මෙවැනි ගොදුරුවීම් වලට ලක්වන්නේ නොදැනුවත් කම නිසා.
1.සෑම විටකම ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී එය මුල්තත්වයට ( Reset ) කර භාවිතයට ගන්න. ඔබ පාවිච්චි කරන ලද දුරකථනයක් ලබා ගැනීමේදී ද අනිවාර්යයෙන්ම reset කර භාවිතයට ගන්න.
2. නිතරම විශ්වාසදායි Cloud සේවාවක් ලබා ගන්න. බොහෝ ජංගම දුරකථන සමාගම් විසින් නොමිලයේ Cloud සේවාවන් ලේබා දෙයි. ප්රසිද්ද ජංගම දුරකථන සමාගම් විසින් ලබා දෙන Cloud සේවාවන් ඉතා සුරක්ෂිත වේ. තවද පහත සඳහන් Cloud සේවාවන්ද ඉතා සුරක්ෂිත වේ.
Google Drive
DropBox
Amazon Drive
Microsoft One Drive
3. සෑම අවස්ථාවකදීම ලබා ගන්නා චායාරූප, වීඩියෝ සහ Documents ආරක්ෂිත Wallet එකක් තුල රඳවන්න. එම Wallet මුදුකාංගයට ආරක්ෂිත මුර පද යොදා ආරක්ෂාව තහවුරු කරන්න. එවිට ඔබගේ දුරකථනය නැතිවීමකදී , Cloud ආක්රමණයකදී හෝ ජංගම දුරකථනය අලුත්වැඩියා කිරීමකට දුන් අවස්ථාවකදී එය වෙනත් පාර්ශවයකට ලබා ගැනීමේ හැකියාව අවහිර වේ.. තවද පර්ස්වාර්ඩ් යොදා සමස්ත දුරකථනයම ආරක්ෂා කිරීමටත් වගබලා ගන්න.
4. සියලුම පෞද්ගලික ඇප්ස් ( Apps ) ඇප් ගාර්ඩ් එකක් යොදා ආරක්ෂා කරගන්න. එවිට වෙනත් පාර්ශවයකට ඔබගේ පෞද්ගලික ඇප් ගොනු විවෘතකල නොහැකිය. උදාහරණ ලෙස ඔබගේ Facebook , WhatsApp , Viber , Skype, SMS , Phone book , Photo Gallery යන ආදිය ඇප්ස් ගාර්ඩ් එකක් යොදා ආරක්ෂා කල හැකිය. බොහෝ ඇප් ගර්ඩ්ස් නොමිලයේ ලබා දුන්නත් සුළු මුදලක් ගෙවා පුර්ණ ආරක්ෂිත ඇප් එකක් භාවිතා කිරීම වඩා යෝග්ය වේ. බොහෝ විට මෙම ඇප් එකක මිල ඩොලර් 5 කට අඩු වේ.
5. ඔබට හැකියාවක් ඇත්නම් ඔබගේ සිම් පතට PIN අංකයක් යොදා භාවිතා කරන්න. යම් ලෙසකින් ඔබගේ සිම් පතෙහි පින් අංකය අමතක වී වැරදි පින් අංකයක් ඇතුලත් කළහොත් ඔබගේ සිම්පත විනාශවී යනු ඇත. එබැවින් සිම් පතෙහි පින් අංකය සම්බන්ධයෙන් ඔබට නිවැරදි වැටහීමක් නොමැති නම් එම සේවාව භාවිත නොකර සිටන ලෙසට අවවාද කරමි. ඔබට සිම් පතෙහි ඇති පින් අංකය සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්ය නම් ඔබගේ ජංගම දුරකථන සේවා සපයන සමාගම අමතන්න.
6. සුදුසු Antivirus මුදුකාංගයක් භාවිතා කරන්න. එවිට ඔබගේ ජංගම දුරකතනයේ රහස් ලෙස තැන්පත් කර ඇති ඔත්තු බලන මුදුකාංග තැන්පත්වී ඇති නම් එය ඔබට දැනුම් දෙනු ඇත. තවද එවැනි ඔත්තු බලන වැඩසටහන් ඇත්නම් ආරක්ෂාකාරී ලෙස දුරකතනයෙන් ඉවත් කල ගත හැකිය. අනුමතකරන ප්රති වෛරස් නාශක මුදුකාංග AVG Antivirus, Norton Internet Security, Kaspersky Mobile Antivirus, Avast Mobile Security.
අද අන්තර්ජාලයේ ව්යාජ Antivirus මුදුකාංග බොහොමයක්ද ඇති බැවින් ඔබ නොදන්නා ඇන්ටි වෛරස් භාවිතා කිරීමෙන් වැළකෙන්න. ව්යාජ Antivirus භාවිතා කිරීමෙන් ඔබ තවත් අනතුරකට ලක්වීමේ හැකියාව ඇත.
7. Find my phone සේවාව සක්රිය කරගන්න. Find my phone සේවාව යනු ජංගම දුරකථනය නිෂ්පාදනය කරන සමගම මගින් ලබා දෙන සේවාවකි. එයට අමතරව ගූගල් සහ Norton යන සමාගම් වලින්ද මෙම පහසුකම ලබා ගත හැකිය. Find my phone සේවාව යනු යම් හෙයකින් ඔබගේ ස්මාර්ට් ෆෝන් එක සොරා ගතහොත් හෝ එසේත් නැතිනම් නැති වූ අවස්ථාවක මහගු ප්රයෝජන ලබා ගත හැකි මුදුකාංගයකි. ඔබගේ සොරාගත් දුරකතනය පිහිටා ඇති ස්ථානය නිවැරදිව සොයා ගැනීමට හැකියාව ඇත. සොරාගත් පුද්ගලයාට නොදැනෙන්න ජංගම දුරකතනයේ කැමරාව සක්රිය කර ගත හැකිය. අවශ්යනම් ඔබගේ දුරකතනයේ ඇති සියලුම දත්ත ක්ෂණයකින් මකා දැමීය හැක. තවද දුරකථනය ලෝක් කිරීම , එලාම් නාදයක් නිකුත් කිරීම පවා කල හැකිය. මෙම ලබාදෙන සේවාවන් ජංගම දුරකථනය නිෂ්පාදනය කර ඇති සමගම අනුව වෙනස් වේ. ඔබට අවශ්යනම් තෙවන පාර්ශව Find my phone සේවාවක් ගූගල් සහ Norton යන සමාගම් වලින් ලබා ගත හැකිය.
8. ඔබගේ ජංගම දුරකථනය අලුත්වැඩියාවට ලබා දෙයින් නම් සෑම විටකදීම මෙමරි කර්ඩ්ස් ඉවත්කර අලුත්වැඩියාවට ලබා දෙන්න. ඉහත සඳහන් ආකාරයෙන් ඔබගේ දුරකතනයේ ඇති මුදුකාංග , චයරුප, වීඩියෝ ඇප් ගාර්ඩ් එකක් මගින් ආරක්ෂා කර ඇතිනම් තෙවන පාර්ශවයක් වෙත ඔබගේ දත්ත ලැබීමේ ප්රවනතාවය ඉතා අඩුවේ.
9. ඔබ විසින් භාවිතා කරන ලද ජංගම දුරකථනය නැවත විකිනීමට අදහස් කරයි නම් පළමුවෙන්ම ෆෝන් එක Reset කරන්න. එවිට දුරකතනයේ ඇති සියලු දත්ත ඉවත්වනු ඇත. නමුත් මෙවැනි දත්ත ඉවත්කිරීම පමණක් ප්රමාණවත් නොවේ. ඔබ සියලු දත්ත මකා දැමුවද අන්තර්ජාලයේ ඇති විවිද මුදුකාංග භාවිතා කොට ඔබ විසින් මකා දැමු දත්ත නැවත ලබා ගත හැකිය. එනම් ඔබ විසින් දෙවන අදියරේදී නැවත එම දත්ත ලබා ගත නොහැකි අයුරින් ඉවත් කල යුතු වේ. ඒ සඳහා අවශ්ය විවිද මුදුකාංග අන්තර්ජාලයෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය.
10. ජංගම දුරකතනයට ඇප්ස් ස්ථාපනය කිරීමේදී පිළිගත් මුදුකාංග පමණක් ස්ථාපනය කරන්න.
ඔබට අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමට අවශ්යනම් මා වෙත ඊමේල් පණිවිඩයක් යොමු කරන්න. තවද අන්තර්ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ ලබා ගන්නා දැනුම සමාජය තුල බෙදා හැරීමෙන් අන්තර්ජාලය සියලුදෙනාටම යහපත් ස්ථානයක් බවට පත්කරගත හැකිබව මාගේ අදහසයි.
මාර්ක්ස් රණවීරගේ Marx Ranaweerage
