ඔබ චායාරූප ශිල්පියෙකු, ග්‍රැෆික් නිර්මාණකරුවකු හෝ වෙබ් අඩවි නිර්මාණකරුවෙකු නම් ඔබ දන්නවා ඇති Stock චායාරූපයක ඇති වැදගත්කම. Stock Images යනුවෙන් අදහස් වන්නේ වානිජමය වටිනාකමක් සහිත චායාරූපයන්ය. ඔබ වෙබ් අඩවියක් හෝ ග්‍රැෆික් නිර්මාණයක් කරනවිට ඔබ යෙදෙන කාර්යට අදාලව විවිධ චායාරූප අවශ්‍යවනු ඇත. උදාහරණයක් ලෙස ඔබ අධ්‍යාපනික ආයතනයක වෙළඳ දැන්වීමක් නිර්මාණය කරන්නේ නම් ඔබට අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ගේ විශාල විභේදනයක් සහිත චායාරූප අවශ්‍ය වනු ඇත. මෙවැනි වානිජමය වටිනාකමක් ඇති චායාරූප Stock Images යනුවෙන් හැඳින් වේ. මෙවැනි Stock Images ඔබට අති විශාල බිල්බෝර්ඩ් එකක සිට කුඩාම ග්‍රැෆික් නිර්මාණයන් සඳහා භාවිතා කල හැකිය.

සාමන්‍යයෙන් Stock Images නොමිලයේ හිමිවන්නේ නැත. ඔබ එවැනි චායාරූපයක් භාවිතා කරයි නම් ඒ වෙනුවෙන් එම චායාරූපයේ මුල් අයිතිකරුවන්ට යම් මුදලක් ගෙවිය යුතු වේ. එසේ නොමැතිව ඔබට හිතු මතේට අන්තර්ජාලයෙන් පින්තුර භාගත කරගෙන භාවිතයට ගැනීමට නොහැකිය. මන්ද එය නීතිවිරෝධී කටයුත්තකි. ඒ වෙනුවෙන් ඔබට එරහිව බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරිය හැකිය.

කෙසේ වෙතත් ඔබට ඉහල විභේදනයක් සහිත චයරුප සාමාන්‍ය සෙවුම් යන්ත්‍ර හරහා සොයාගැනීමට අපහසුය. එම නිසා ඔබට 123rf , Shutterstock, deposit photos වැනි වෙබ් අඩවි හරහා මිලදී ගැනීමට සිදුවේ. ලංකාව වැනි දකුණු ආසියාතික රටක වෙසෙන අපට මුදල් ගෙවා Stock Images මිලට ගැනීම ඉතා අපහසු කටයුත්තකි.

මෙවැනි අවස්ථාවකදී අපේ පිහිටට එන්නේ නොමිලයේ Stock Images ලබා දෙන  Unsplash ය. ලොව පුරා වෙසෙන 110,000 අධික චායාරූප ශිල්පින් ප්‍රමාණයක් මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායකවී ඇත. ඔබත් චායාරූප ශිල්පියෙක් නම් මේ කටයුත්තට දායක විය හැකිය. මේ වනවිට Unsplash වෙත එක් කොට ඇති චායාරූප සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවයි. ඔබට මුදල් ගෙවීමකින් තොරව ඉහල විභේදනයක් සහිත චායාරූප ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා Download කරගත හැකිය. භාගත කරගැනීමේදී චායාරූපයේ මුල් අයිතිකරුට ස්තුති කිරීමට අමතක නොකරන්න.

ඔබට අවශ්‍ය චායාරූප ලබාගැනීමට Unsplash වෙබ් අඩවියට පහත සඳහන් ලින්ක් එක ආධාරයෙන් ප්‍රවිෂ්ට විය හැකිය.

https://unsplash.com

මෙම ලිපියෙහි කතෘ අයිතිය
මාර්ක්ස් රණවීරගේ
Marx Ranaweerage
BytesRack bytesrack.com

By ranjan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *